මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මධ්‍යස්ථාන භාරකරු සහ ඩිස්පැන්සරි සහයක තනතුරු සඳහා බඳවා ගත් නව සේවකයන් 18 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මාහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (09) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා වැඩබලන ආණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක, කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙණිය යන මහත්වරුන්, මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ පත්වීම්ලාභීන් පිරිසක් සහභාගි වී සිටියහ.
මෙම පත්වීම් මඟින් මධ්‍යම පළාත තුළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට
