පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

"සරසවි අභිමන්" මහනුවර මහාමායා බලිකා විද්‍යාලයේදී....

"සරසවි අභිමන්" මහනුවර මහාමායා බලිකා විද්‍යාලයේදී....

2025 වර්ෂයේදී උසස් පෙළ විභාගය සඳහා මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ඇගයීමේ 'සරසවි අභිමන්' ඇගයීම් උළෙල, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහාමායා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී (08) දින පැවැත්විණි.

මෙහිදි 2025 වර්ෂයේදී මහනුවර මහාමායා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 327 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබිණි. ඒ් අනුව විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් සිසුවියන් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා දායක්ත්වය ලබාදුන් ගුරුවභවතුන් පිරිස මෙහිදී ඇගයීමට ලක්විණි.

මෙම අවස්ථාවට මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.අයි. අන්දරගේ මහත්මිය, මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ශෂිකලා සේනාධීර මහත්මිය, සහකාර විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසු දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook