ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් මාර්ග නාමකරණය සහ ඩිජිටල් සිතියම්කරණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් (10) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පරිශ්‍ර විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නම් කිරීම සඳහා අවශ්‍ය මූලික කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම මධ්‍යම පළාතේ සෙසු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්ත කිරීමට පෙර මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ විය.
සාකච්ඡාවේ ප්‍රධාන සම්පත් දායකයා ලෙස වරලත් ඉංජිනේරු පී. එච්. සරත් ගාමිණී මහතා එක්වූ අතර, මධ්‍යම පළාත තුළ මාර්ග නාමකරණය හා ඩිජිටල් දත්ත පද්ධති සංවර්ධනය සම්බන්ධයෙන් ඔහුගේ විශේෂඥ දැනුම සහ අත්දැකීම් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ජේ. යූ. සංජීව පෙරේරා, ගඟවටකෝරලය ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ආර්. තිලගේෂ්වරී, මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික ඉංජිනේරු අයි. කේ. එම්. සී. කේ. ඉලංගසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
