ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්……

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්……

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය වෙත පරිගණක විද්‍යාගාරයක් ලබාදීම, මධ්‍යම පළාතේ ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී  (07) දින සිදු කෙරිණි.

අග්‍රමාත්‍ය කාර්යාලය සහ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන්, දිට්වා ආපදා තත්ත්වයට ලක් වූ පාසල් වෙත පරිගණක විද්‍යාගාර ලබා දීමේ වැඩසටහන යටතේ, ලැප්ටොප් එල්කේ (laptop.lk) සහ ඉන්දියාවේ ලෙනෝවෝ (Lenovo) ආයතනය විසින් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

මේ යටතේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය වෙත පරිගණක යන්ත්‍ර දහයක්, ඊට අදාළ කාර්යාලීය උපකරණ තොගයක් සහ Smart Board යන්ත්‍රයක් මෙහිදී විද්‍යාලය වෙත පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ඩී.කේ.එම්.සී.පී. දසනායක, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ති කොඩිතුවක්කු, විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති සුගත් ශ්‍රී ලාල් යන මහත්ම මහත්මීන්, ලැප්ටොප් එල්කේ (laptop.lk) සහ ඉන්දියාවේ ලෙනෝවෝ (Lenovo) ආයතන නියෝජිතයින්, පාසල් සංවර්ධන සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook