මාතලේ, යටවත්ත ප්‍රදේශයට සෞඛ්‍ය ආරක්ෂණය සහ රෝග නිවාරණයේ නව පදනම් මධ්‍යස්ථානයක් ලෙස නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයක් මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් (18) විවෘත කෙරිණි.
පළාත් සභා අරමුදල් යටතේ ඉදිකෙරුණු මෙම මධ්‍යස්ථානය මඟින් විධිමත් සෞඛ්‍ය සැලසුම්කරණය, ප්‍රජාවට විවෘත සුරක්ෂිත ස්ථානයක්, කාර්යක්ෂම පරිපාලනයක් හා විධිමත් සායනයන් පවත්වාගෙන යාම තුළින් යටවත්ත මහජන සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ වේ.මෙම අවස්ථාවට යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති යූ. ජී.ජී ෆොන්සේකා මහතා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් මංජුල ප්‍රසාද් සමරවීර මහතා, මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ රොෂාන් රඹුක්වැල්ල මහතා, මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වෛද්‍යවරුන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
