පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය නිමාවෙයි – නව තරග වාර්තා 33ක්.

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය නිමාවෙයි – නව තරග වාර්තා 33ක්.

ජූලි 06 දින ආරම්භ වූ මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (10) දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී අභිමානවත්ව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ක්‍රීඩාව තුළින් දරාගැනීමේ ශක්තිය, විනය සහ කැපවීමෙන් යුතු දරුවෙකු බිහිකළ හැකි බවත්, වර්තමාන සමාජයට එවැනි දරු පරපුරක අවශ්‍යතාවය දැඩි සේ පවතින බවත්ය.

මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 33ක් පිහිටුවා තිබීම විශේෂත්වයක් වන අතර  මෙම තරගාවලිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබිණි.

මධ්‍යම පළාතේ පාසල් දරු දැරියන් දස දහස් ගණනකට තම ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ඉදිරි ක්‍රීඩා දිවිය සඳහා අවස්ථා සලසා දෙන ප්‍රධානතම පාසල් ක්‍රීඩා උළෙලක් ලෙස මෙම තරගාවලිය සැලකේ. එමෙන්ම, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සඳහා මධ්‍යම පළාත නියෝජනය කරන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ මූලික තේරීම් තරගාවලිය ද මෙය වේ.

සමාප්ති උළෙල පාසල් දරු දැරියන්ගේ විචිත්‍රාංග, සංස්කෘතික අංග සහ වර්ණවත් පෙළපාලිවලින් අලංකාර වී තිබූ අතර, ඒවා උළෙලට එක් කළේ විශේෂ ආකර්ෂණයකි.

එම අවස්ථාව සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) කේ.‌කේ.සී.ඩී.පොරෝගම යන මහත්ම මහත්මීන් සහ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ක්‍රීඩා විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ක්‍රීඩා ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පසල් දරු දැරියන් රැසක් සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook