පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

කන්ද උඩරට  සංඝරාජ පෙරහැර මෙවරත් ඇසළ පොහෝදා පැවැත්වේ.

කන්ද උඩරට සංඝරාජ පෙරහැර මෙවරත් ඇසළ පොහෝදා පැවැත්වේ.

උපසම්පදා විනය කර්මය නැවත පිහිටුවා, ලංකා භික්‍ෂු ශාසනයේ චිරස්තිථිය තම දිවියම කැප කළ, වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමිපාණන් වහන්සේගේ මහා ශාසනික සේවාව අනුස්මරණය වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සංඝරාජ පෙරහැර 80 වෙනි වරටත් මෙවර ජුලි 29 දිනට යෙදෙන ඇසළ පුරපසලොස්වක පොහොය දින පැවැත්වීමට සැලසුම් කෙරේ.

මල්වතු මහ විහාර පාර්ශවයේ අතිපුජනිය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමින් වහන්සේගේ අනුශාකත්වයෙන් මල්වතු විහාර වාසී, කර්මාචාර්ය ශ්‍රී සංඝරාජ දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය, අඹතලාවේ සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මුලිකත්වයෙන්, ශ්‍රී සංඝරාජ ගුණානුස්මරන සමිතියේ මෙහෙයවීමෙන් මෙවර පෙරහර සංවිධානය කෙරේ.ඒ අනුව පෙරහර සංවිධානය සම්බන්ධ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (16) දින පැවැත්විණි.

ඒ සඳහා මධ්‍යම පළාත් සභාව , ශ්‍රී දළදා මාලිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ මහනුවර පොලිස් ස්ථානය , මහනුවර මහා නගර සභාව , මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා වෙළද හා සමාජ සංවිධාන කටයුතු සදහා දායකත්වය ලබාදේ.

මෙහිදී පෙරහර සංවිධාන කටයුතු, සංස්කෘතික අංග, ආරක්ෂාව ලබාදීම ඇතුලු කටයුතු පිලිබඳ දිර්ඝ වශයෙන් සාකච්ඡා වූහ.මෙම අවස්ථාව සඳහා පූජ්‍ය අඹතලාව ශ්‍රී සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට, ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙණිය,මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුයුක්ත සංකෘතික නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී සරණංකර ගුණානුස්මරණ සමිතියේ නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook