මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සරන්යා වී.එස්. මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (10) දින පැවැත්විණි.
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සරන්යා වී.එස්. මහත්මිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා වෙත ප්‍රථමයෙන් ඉන්දීය රජයේ සහ මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ සුබ පැතුම් එක් කළාය.ඉන් අනතුරුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, සමාජ හා ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ලබා දෙන සහාය පිළිබඳව අවධානය යොමු කෙරිණි. එමෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක, ව්‍යාපාරික හා ව්‍යවසායකත්ව සංවර්ධනය, මෙරට වෘත්තිකයින්ගේ ධාරිතා සංවර්ධනය සඳහා ඉන්දීය රජයේ අනුග්‍රහය ලබා ගැනීම යනාදී කරුණු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.මෙම සාකච්ඡාව අවසානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය අතර සමරු සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු විය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙණිය මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
පාසල් පුවත්
"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය අතර හමුවක්…
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
