පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ඉන්දීය 80 වැනි නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරින් මහනුවරදී

ඉන්දීය 80 වැනි නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරින් මහනුවරදී

ඉන්දියාවේ 80 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහා කොමසාරිස් කාර්යාලය සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් ඉන්දීය සහකාර මහා කොමසාරිස් සාරන්‍යා වී. එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ඉන්දීය ජාතික ධජය එසවීමෙන් අනතුරුව ඉන්දීය ජාතික ගීය වාදනය කිරීමත් සමඟ සැමරුම් උත්සවය ආරම්භ වූ අතර, ඉන්දීය සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන අංගවලින් උත්සවය වර්ණවත් විය.

මෙහිදී ඉන්දීය සහකාර මහා කොමසාරිස් කාර්යාලය විසින් පාසල් දරු දැරියන් අතර සංවිධාන කළ විවිධ තරඟවලින් ජයග්‍රහණය කළ දරු දැරියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා, මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

මීට අමතරව, ඉන්දීය සහකාර මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම සැමරුම් අවස්ථාවට සහභාගී වූහ.

See less

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook