තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) තාක්ෂණික අනුග්‍රහය ලබමින් 2026-2035 කාලරාමුව සඳහා සකස් කළ ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීමේ හා යෝජනා ලබාගැනීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (20) පැවැත්විණි.දැනට කෙටුම්පත් කර තිබෙන ලේඛනයේ අවසන් වලංගුතා පරීක්ෂණය සහ ඒ පිළිබඳ සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාව යටතේ, ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.මෙම දැනුවත් කිරීමේ හා අදහස් ලබාගැනීමේ වැඩසටහන සඳහා මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම වැඩසටහන මගින් තරුණ තරුණියන්ගෙන් ලබාගන්නා යෝජනා තරුණ ප්‍රතිපත්තියේ සංශෝධන සඳහා ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබේ.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී.ජී. සුමිත් ශාන්ත මහතා, ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්යක්ෂ සිරිල් විජේසේකර මහතා ඇතුළු තරුණ සංවිධාන නියෝජිත පිරිසක් එක්වූහ.
පාසල් පුවත්
"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්
ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ මධ්‍යම පළාත් දැනුවත් කිරීම මහනුවරදී
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
