මධ්‍යම පළාත් ඩිජිටල් තොරතුරු පද්ධති ක්‍රියාවලි පරිවර්තන වැඩසටන පිළිබඳ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී (31) දින පැවැත්විණ.
මෙහි මුලික අදියරේදී මාර්ග පද්ධති ඩිජිටල් නාමකරණයක් සිදුකිරීමටත් එහි නියමු ව්‍යාපෘතිය ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මෙම වැඩසටහන මගින් AI තාක්ෂණය මගින් කාර්යාල කටයුතු විධිමත් කරගැනීම, ඩිජිටල් සිතියම් ප්‍රවේශ වැඩිදියුණු කිරීම, මධ්‍යම පළාත තුළ සියලු කේෂ්ත්‍ර නියෝජනය වන පරිදි ඩිජිටල් තොරතුරු පද්ධතියක් සැකසීමට ද අපේක්ෂිතයි.
ඊට අදාල ව්‍යාපෘතිය යෝජනාව ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනයේ, කඳුරට ශාඛාවේ, ඉංජිනේරු සරත් ගාමිණී හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු දෙපර්තමේන්තුවේ මහාචාර්ය කමලනාත් සමරකෝන් යන මහත්වරුන් විසින් ඉදිපත් කෙරිණී.
මෙම අවස්ථාට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්ලිව්.එම්.අයි.එස්.කේ.විජේකෝන් මහතා, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් ඉඳුමිණි මැණික්දිවෙල මහත්මිය, මධ්‍යම පළාත්, පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ආර්. තිලගේස්වරි මහත්මිය, සහකාර පළාත් පාලන කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
