පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පෙළපොතෙන් ඔබ්බට ගිය විද්‍යා අත්දැකීම් සිසුන්ට සමීප කළ ‘PRACTICAL FESTIVAL 2026

පෙළපොතෙන් ඔබ්බට ගිය විද්‍යා අත්දැකීම් සිසුන්ට සමීප කළ ‘PRACTICAL FESTIVAL 2026

මහනුවර අධ්‍යාපන කලාපයේ විද්‍යා අංශය මගින් සංවිධානය කරනු ලබන ‘PRACTICAL FESTIVAL 2026’ ප්‍රායෝගික විද්‍යා වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 26 දින මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.

මහනුවර ගඟවටකෝරළය අධ්‍යාපන කොට්ඨාසයේ 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

විද්‍යා විෂයය පෙළපොතට පමණක් සීමා නොකර, එදිනෙදා ජීවිතය හා සම්බන්ධ කරගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම්, විද්‍යාත්මක අත්හදා බැලීම් සහ නිර්මාණාත්මක අත්දැකීම් ඔස්සේ ඉගෙනීමට සිසුන්ට අවස්ථාව සලසා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව උදා කිරීම තුළින් විද්‍යාත්මක සංකල්ප පිළිබඳ සිසුන්ගේ අවබෝධය පුළුල් කිරීමත්, විමර්ශනාත්මක චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ විද්‍යාව කෙරෙහි උනන්දුව වර්ධනය කිරීමත් මෙවැනි වැඩසටහන් මගින් අපේක්ෂා කෙරේ.

පාසල් දරුවන්ට විද්‍යාව විෂයය වඩාත් රසවත් හා අර්ථවත් ඉගෙනුම් අත්දැකීමක් බවට පත් කරමින්, විභාගයට සූදානම් වන සිසුන්ගේ විෂය දැනුම හා ප්‍රායෝගික කුසලතා ඉහළ නැංවීමට ද ‘PRACTICAL FESTIVAL 2026’ වැඩසටහන වැදගත් අවස්ථාවක් සලසා දෙයි.

මහනුවර අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සංදර්ශිකා බණ්ඩාර මහත්මිය සහ විද්‍යා අංශයේ නිලධාරී මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook