ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය මගින් සංවිධානය කළ “ඇසළ පෙරහරයි – සිතුවම් පෙළහරයි” The Kandy Infocus 2026 සිතුවම් ප්‍රදර්ශනයේ නිර්මාණශීලීම සිතුවම් ඇගයීමේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානෝත්සවය (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ඇසළ පෙරහර සමයේ නර්තන, වාදන හා ගායන ශිල්පීන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි වුවද, චිත්‍ර ශිල්පීන්ට එවැනි අවස්ථාවන් සීමිත බැවින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීමේ අරමුණින් මෙම සිතුවම් ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.ඇසළ පෙරහර ආරම්භයේ සිට දින පහක් පුරා මහනුවර මගුල් මඩුව පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සිතුවම් ප්‍රදර්ශනය අවසානයේදී, ඉදිරිපත් වූ නිර්මාණ අතරින් විශිෂ්ටතම හා නිර්මාණාත්මක සිතුවම් තෝරාගෙන ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරේ.දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් මෙම සිතුවම් තරගය සඳහා නිර්මාණ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති අතර, අවසන් වටය සඳහා තෝරාගත් සිතුවම් 250ක් විවිධ තරග කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කර තිබේ. වයස අවුරුදු 6–8, 9–11, 12–15, 16–18, විවෘත සහ ඩිජිටල් යන කාණ්ඩ යටතේ මෙම ඇගයීම් සිදුකර ඇත.
මෙවැනි සංස්කෘතික හා නිර්මාණාත්මක වැඩසටහන් මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධන කටයුතු සඳහාද වැදගත් දායකත්වයක් ලබාදෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම දරු දැරියන් ඇතුළු නව පරපුරේ නිර්මාණ ශිල්පීන් සංස්කෘතික උරුමයන් හා කලා කටයුතු වෙත යොමු කිරීමද මෙවැනි වැඩසටහන් මඟින් සිදුකරන වැදගත් කාර්යයකි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර මහතා, පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ආර්. තිලගේස්වරී මහත්මිය, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය, 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඉනෝජ් හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරීන්, ත්‍යාගලාභී සිතුවම් ශිල්පීන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. See less
ක්‍රීඩා පුවත්
"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්
ඇසළ පෙරහරයි – සිතුවම් පෙළහරයි: The Kandy Infocus 2026 සිතුවම් ප්‍රදර්ශනයේ නිර්මාණශීලී සිතුවම් ඇගයේ
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
