සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

බදු ශක්ති" ජාතික බදු සතිය වැඩසටහනට සමගාමීව දැනුම්වත් කිරීමක්....

බදු ශක්ති" ජාතික බදු සතිය වැඩසටහනට සමගාමීව දැනුම්වත් කිරීමක්....

"බදු ශක්ති" ජාතික බදු සතිය වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය මගින්, නව බදු සංශෝධන පිලිබඳව මධ්‍යම පලාත් සභාවේ කාර්යමණ්ඩලය හා බදු වෘත්තිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පලාත් සභා ශ්‍රවණාගාරයේදී (09 දින පැවැත්විණි.

මෙහිදී මෑතකාලීනව දේශීය ආදායම් පණතට, වැට් පණතට, සමාජ ආරක්ෂණ දායකත්ව බදු පණතට සිදුවූ සංශෝධන හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙනත් පොදු කරුණු පිලිබඳව පුළුල් ලෙස දැනුවත් කිරීම සිදු කරන ලදි.

වැඩසටහනේ සම්පත් දායකයින් වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති හා නීති සම්පාදන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් තුසිත ගමගේ මහතා හා මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සහභාගි විය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, නියෝජ ප්‍රධාන ලේකම් (මුදල්) ජී.එම්.කේ. ඒකනායක, මහනුවර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස් මංජුලා ලියනාරච්චි යන මහත්ම මහත්මිහු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. මධ්‍යම පළාත් සභාව හා මධ්‍යම රජයේ නිලධාරීන්, බදු වෘත්තිකයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook