සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රාථමික අංශයට නව තෙමහල් ගොඩනැගිල්ලක්.

ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රාථමික අංශයට නව තෙමහල් ගොඩනැගිල්ලක්.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රාථමික අංශය සඳහා අලුතින් ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (15) විවෘත කෙරිණි.මෙම ගොඩනැගිල්ල 2023/2024 පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 30ක මුදලක් වැය කරමින් ඉදිකර ඇති අතර, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සිසුන්ට නවීන ඉගෙනුම් පරිසරයක් ලබාදීම එහි ප්‍රධාන අරමුණ වේ.

නව තෙමහල් ගොඩනැගිල්ල තුළ පන්ති කාමර හයක්, නවීන පහසුකම්වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් සහ ඉංග්‍රීසි භාෂා ක්‍රියාකාරකම් කාමරයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව විද්‍යාලයේ විදුහල්පති අසේල රණසිංහ මහතා සදහන් කරයි . මෙම පහසුකම් හරහා ප්‍රාථමික අංශයේ සිසුන්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා කුසලතා වඩාත් ප්‍රායෝගිකව සංවර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.විවෘත කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් බණ්ඩාර සහ දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු දීපනාත දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

එමෙන්ම ශාන්ත සිල්වෙස්තර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන්, පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන්, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමඟ ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රාථමික අංශයේ භෞතික සම්පත් තවදුරටත් ශක්තිමත් වන අතර, නවීන අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලන ඉගෙනුම් පරිසරයක් සිසුන්ට උදා කරදීමට මෙය වැදගත් පියවරක් ලෙස සැලකේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook