මහනුවර,තෙල්දෙණිය සහ වලපනේ කලාපවල තෝරාගත් පාසල් තුනක් සඳහා පරිගණක විද්‍යාගාර සහ පරිගණක යන්ත්‍ර ලබාදීම සඳහා ගිවිසුම්ගතවීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (07) දින පැවැත්විණි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණයෙන්, IMBS හරිත විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක ‘හරිත සවිය’ වැඩසටහන යටතේ මෙම පරිගණක විද්‍යාගාර සහ පරිගණක යන්ත්‍ර දහය බැගින් ලබාදීම සිදුවේ.
මේ සඳහා එම විශ්වවිද්‍යාලය විසින් රුපියල් මිලියන 4.5 ක මුදලක් වෙන් කර තිබෙන අතර අදාළ පාසල් පාසල් තුන සමඟ එකඟතා ගිවිසුම් සඳහා අත්සන් කිරීම මෙහිදී සිදුවිණි.මහනුවර කලාපයේ ගුරුදෙණිය මහ විද්‍යාලය, තෙල්දෙණිය කලාපයේ වරදිවල මහ විද්‍යාලය සහ වලපනේ කලාපයේ පන්නල මහ විද්‍යාලය යන පාසල් මෙම වැඩසටහන සඳහා තෝරාගෙන ඇත. මෙම අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂ (පාලන) ඩී.එම්.එම්.පී. දිසානායක, නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.කේ.පී.එස්. කොඩිතුවක්කු, IMBS හරිත විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය සරත් අමුණුගම, අධ්යක්ෂ ගෝඪාභය ජයරත්න, සාමාන්‍යාධිකාරි ප්‍රසන්න පෙරේරා යන මහත්ම මහත්මිහු, විදුහල්පතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.
මධ්‍යම පළාතේ පාසල්වල තුනකට පරිගණක විද්‍යාගාර සඳහා අනුග්‍රහයක්....
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
