මධ්‍යම පළාතේ අභිනව ආණ්ඩුකාර ධුරයට පත් වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා ශ්‍රී දළදා මාලිගාවේ දී ශ්‍රී දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීම (06) උදෑසන සිදුවිණී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ නව ආණ්ඩුකාරධුරය සදහා දිවුරුම් දී පත්වීම ලැබූ ඒ මහතා, නව ධූරයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථමයෙන් උදෑසන ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සිදුවිය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නව ආණ්ඩුකාරවරයා ශ්‍රී දළදා මාලිගාවේදී පිච්ච මල් වට්ටියක් ලබාදී පිළිගන්නා ලදී. ඉන් පසුව ශ්‍රී දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.
ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී දියවඩන නිලමේතුමන් සමග කෙටි සුහද පිළිසඳරක නිරත වූ මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවරයා පසුව විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සමරු සටහනක් යෙදීම ද සිදු කරන ලදී.
මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් වූහ.
