මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා රාජකාරි අරඹයි.....

මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා රාජකාරි අරඹයි.....

මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා, මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ධුරයේ වැඩ භාරගැනීම හා රාජකාරි ආරම්භ කිරීම 07) දින උදෑසන සිදු කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දීමෙන් පසු ඊයේ (06) දිනයේ, නව ධුරයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීම, අස්ගිරි-මල්වතු අතිපූජ්‍ය මහනායක හිමිවරුන් බැහැ දැකීම සහ සර්ව ආගමික ආශිර්වාද ලබා ගැනීම සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා, මේ වන විට ආරම්භ කර ඇති මධ්‍යම පළාතේ සංවර්ධන කටයුතු සහ අනෙකුත් ක්‍රියාවලීන් ක්‍රමවත්ව, කාර්යක්ෂමව සහ වේගවත්ව නියමිත කාලය තුළදී ඉටු කර අවසන් කිරීමට කටයුතු කරන බව පැවසුවේය.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ඇති කිරීම සඳහා ගෙන යනු ලබන වැඩපිළිවෙළ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛතම කාර්යයක් සේ සලකා, සියලු දෙනාගේ සහාය ඇතිව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි, මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, වැඩබලන ආණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක යන් මහත්වරුන් ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook