හඟුරන්කෙත හා මතුරට සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සහ සංචාරක පහසුකම් සපයන්නන් වෙත බලපත්‍ර පිරිනැමේ..

හඟුරන්කෙත හා මතුරට සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සහ සංචාරක පහසුකම් සපයන්නන් වෙත බලපත්‍ර පිරිනැමේ..

මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංචාරක පහසුකම් සපයන්නන් වෙත බලපත්‍ර බෙදාදීමේ වැඩසටහනක් හඟුරන්කෙත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජි. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී (13) දින පැවැත්විණ.

මීට සමගාමීව හඟුරන්කෙත හා මතුරට සංචාරක ආකර්ෂණීය ස්ථාන නිරීක්ෂණ හා ප්‍රවර්ධන වැඩසටනක් ද පැවැවිණි. එම වැඩසටනට අදාළව හඟුරන්කෙත පොත්ගුල් මහා විහාරය, ශ්‍රී විෂ්ණු දේවාලය, මණ්ඩාවල දියඇල්ල නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලයනල් ගුණරත්න මහතා, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ මහත්මිය, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර මහතා, මතුරට ප්‍රාදේශීය ලේකම් ඩබ්. ඊ.එම්.කේ. බණ්ඩාරනායක මහත්මිය, හඟුරන්කෙත පොලිස් ස්ථානාධිපති, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,හඟුරන්කෙත හා මන්දාරම්නුවර සංචාරක කවයන් හි නිලධාරීන්, සංචාරක පහසුකම් සපයන්නන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

See less

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook