මාතලේ, දුල්ලෑව ප්‍රදේශයේ නව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් (18) මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ විවෘත කෙරිණි.ආසියානු සංවර්ධන බැංකු ප්‍රදාන යටතේ රුපියල් මිලියන 32ක වියදමකින් ඉදි කෙරුණු මෙම වෛද්‍ය සත්කාරක ඒකකය අංග සම්පූර්ණ මාතෘ සායන ඒකකයකින්, හදිසි ප්‍රතිකාර ඒකකයකින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයකින් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයකින් සමන්විතය.යටවත්ත සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සේවාවන් ප්රශස්ත මට්ටමින් ඉටු කිරීම, ජනතාව සමඟ සම්බන්ධ වෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ගුණාත්මක මට්ටමින් පවත්වාගෙන යාම මෙම වැඩසටහනේ අරමුණයි.මෙම අවස්ථාවට යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති යූ. ජී.ජී. ෆොන්සේකා මහතා, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් මංජුල ප්‍රසාද් සමරවීර මහතා, යටවත්ත සහකාර ප්‍රාදේශීය ලේකම් වාසනා නිල්මිණි කුමාරි මහත්මිය, ආයතන භාර වෛද්‍ය නිලධාරි කේ.සී.හර්ෂණී මහත්මිය, මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ රොෂාන් රඹුක්වැල්ල මහතා, මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්,රෝහල් කමිටු සාමාජිකයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
