නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.....

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.....

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එම සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය "ආශ්චර්ය" ශාලාවේ දී (25) දින පැවැත්විණි.

මධ්‍යම පළාත් විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සිය ධුරයෙ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව ද විය.

දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් වු නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂි වගා හානි සම්බන්ධයෙන් වගා හානි වන්දි ගෙවීම හා ඒ හා සම්බන්ධව ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කෙරිණී.එමෙන්ම දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් වු වතු හා නොවන ප්‍රදේශවල නිවා හානී වෙනුවෙන් වන්දි ගෙවීම් හා නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය හා පවතින ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.

දිස්ත්‍රික්කයේ අල වගා කරුවන් සඳහා දේශීයව බීජ අල නිෂ්පාදනය කිරීමේ වැඩසටහන, ශීතාගාර පහසුකම් වැඩි දියුණු කිරීම හා අර්තාපල් වගාවේ ඉදිරි ඉලක්ක, ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

නුවරඑළි දිස්ත්‍රික්කයේද සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සදහා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් ඊට අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දිම මෙහිදි සිදුවිය.

නුවරඑළිය නාගරික ජල සම්පාදන සහ අප්‍අපජල ව්‍යාපෘතිය ජාතික ජලසම්පාදන මණ්ඩලය වෙත පැවරීම, පානීය ජල ගැටළුව සඳහා විසදුම් ලබා ගැනීම, සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම නුවරිඑළිය ග්‍රෙගරි වැව හා එහි වත්මන් තත්ත්වය, පාරිසරික වැදගත්කම සම්බන්ධව ද කමිටුවේ සාකච්ජාව ලක් වූහ.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් විනාශ වු කොත්මලේ වැවන්ඩන් දෙමළ විද්‍යාලය සදහා තාවකාලික පාසලක් තොන්ඩමන් ශාලා පරිශ්‍රයේ ගොඩනැගිම කඩිනමින් සිදු කල යුතු බව සම්බන්ධිකරණ කමිටුව තීරණය කළේය.

දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරිමේ දි ඒ ඒ විෂයයන් අනුව ඇතිවූ ගැටලු සම්බන්ධව මෙහිදී දිර්ඝව සාකච්ඡාවට සහ සමාලෝචනයට ලක්විය.

නෝර්වුඩ් සහ තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයනහී නිලධාරින් කිහිපදෙනෙක් සිදු කර ඇති අස්වැසුම මූල්‍ය වංචාව සම්බන්ධවද මෙහිදී කමිටුවේ අවධානයට යොමුවූ අතර බහුතර රාජ්‍ය නිලධාරින්ගේ අභිමානය වෙනුවෙන් සුලුතරයක් වූ වංචා සිදු කල අයට පොදු දේපළ පනත යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණී.

මෙම රැස්වීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන මහත්ම, මහත්මින් මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයේ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook