විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ පිහිටුවනු ලැබූ නුවරඑළිය දිස්ත්‍රික් සභාවෙහි කටයුතු පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය 'ආශ්චර්ය' ශ්‍රවණාගාරයේ දී (25) පැවැත්විණි.
මෙහිදී නුවරිඑළිය දිස්ත්‍රික්කයට අදාළව විෂ මත්ද්‍රව්‍ය සදහා ඇති ඉල්ලුම සහ සැපයුම අඩාල කිරීම, නීතිමය පියවර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීම හා ප්‍රතිකාර සඳහා යොමු කිරීම ආදී විෂය ක්ෂේත්රයන්ට සම්බන්ධ මෙහෙයුම් කටයුතු පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය ගැටළු හා විසඳුම් සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම නුවරිඑළිය දිස්ත්‍රික්කය තුළ ආයුර්වේද ඖෂධ හරහා විෂ මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා භාවිතය අඩාල කිරීම, ඖෂධාල නියාමනය කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ක්රියාලිය සම්බන්ධයෙන් දැනුවත් කිරිම සහ එහි කාර්ය භාරය සාකච්ඡාවට ලක්කෙරිණී.
මෙම රැස්වීම සදහා පළාත් පාලන ආයතන සභාපතිවරුන්, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන මහත්ම, මහත්මින් මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයේ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජිතයින් පිරිසක් එක්වූහ.
