මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා විසින් මහනුවර උඩපේරාදෙණියේ පිහිටි ටිකිරි සෙවන රජයේ භාරගැනීමේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය හා එහි පවත්වාගෙන යනු ලබන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී එහි පරිපාලන කටයුතු, දරුවන්ගේ ආරක්ෂාව හා සුබසාධනය සහ දෛනික අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරමින් එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.
එමෙන්ම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පවතින පහසුකම් හා අවශ්‍යතා පිළිබඳව ද සොයා බැලූ ආණ්ඩුකාරවරයා, දරුවන්ගේ යහපත හා ඔවුන්ගේ අනාගත සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු පිළිබඳව අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන ටිකිරි සෙවන රජයේ භාරගැනීමේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය, පවුල් පරිසරයක ජීවත්වීමට නොහැකි තත්ත්වයට පත්වූ දරුවන්ට ආරක්ෂාව හා රැකවරණය සැලසීම සඳහා පවත්වාගෙන යනු ලබන ආයතනයකි.
එම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, සමාජ සුභසාධක හා පරිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී. ගුණරත්න මහත්මිය, නියෝජ්‍ය කොමසාරිස් ආලෝකා සමරදිවාකර මහත්මිය සහ ආයතන භාර නිලධාරී වාසිත බණ්ඩාර මහතා සහභාගී විය.
