නිවාස පන්දහසක් ජනතා අයිතියට – මහනුවර දිස්ත්‍රික්කයට නිවාස 250ක්

නිවාස පන්දහසක් ජනතා අයිතියට – මහනුවර දිස්ත්‍රික්කයට නිවාස 250ක්

“තමන්ගේම තැනක්, ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ දිවයින පුරා අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව, මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 250ක් ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරේ.

ලෝක ජනාවාස දිනයට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි මහනුවර දිස්ත්‍රික් වැඩසටහන යටතේ ගඟවටකෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහනුවර, රජපිහිල්ල මාවත, වාකරවත්ත ග්‍රාමයේ අලුතින් ඉදිකළ නිවසක් ප්‍රතිලාභියෙකු වෙත භාරදීම (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වැඩසටහන මගින් නිවාස අවශ්‍යතාවයෙන් පෙළෙන අඩු ආදායම්ලාභී ජනතාවට සුරක්ෂිත හා යහපත් ජීවන පරිසරයක් සහිත තමන්ගේම නිවසක හිමිකාරීත්වය ලබාදීම අරමුණු කරයි.

“සැමට ප්‍රමාණවත් නිවාස” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වන අතර, ගෝලීය නිවාස අර්බුදය, අවතැන් වූ ජනතාව මුහුණ දෙන ගැටලු මෙන්ම අඩු ආදායම්ලාභී සහ නිවාස නොමැති ජනතාවට සුරක්ෂිත වාසස්ථානයක් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳව මෙදින අවධානය යොමු කෙරේ.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය මහතා, ගඟවටකෝරලය ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් සාමාන්‍යාධිකාරී චමින්ද හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook